Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඖෂධ හල් රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

2 years ago

වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසී යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඖෂධ හල් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් කිසිඳු හදිසි තීරණයක් ගෙන නොමැති බවත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක ක්‍රමවේදයේද වෙනසක් කර නොමැති බවයි.