ඉන්දීය නාවික හමුදාවට අයත් INS VELA සබ්මැරීනය, නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට පැමිණියා.
මෙම සබ්මැරීනය, දිවයිනේ රැදී සිටින කාලසීමාව තුළ දෙරටේ සුහදත්වය වර්ධනය කර ගැනීම සදහා විවිධ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
ඒ අතර, මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද සංචාරය කරනු ඇති.
මෙම නිල සංචාරය නිමා කරමින් එළඹෙන 13වනදා සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
