කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් සොයාගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම රථය එම නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී මෙම රථය සොයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් තිබෙනවා.
එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක් බවට පොලීසියට සැක මතුවී තිබෙන අතර ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, එම රථය රේගු දෙපාර්තමේන්තුවට හා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂා කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේවෙතත් මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.
