Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චැනල් 4 වීඩියෝ විමර්ශන ඇරඹෙයි! පිල්ලේයාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්!

2 years ago

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෛ චන්ද්‍රකාන්තාන් (පිල්ලේයාන්) මහතා හට හෙට (12) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ, පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාගැනීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.