කොළඹ කොටුව සිට තලෛයි මන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මෙම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා තිබුණා.
ඒ අනුව, අද දින සිට ධාවනය වෙන එම දුම්රිය කාලසටහන මෙසේය,
කොළඹ කොටුවෙන් පිටත්වීම ප.ව.16.15- තලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)
තලෛමන්නාරමෙන් පිටවීම පෙ.ව. 04.15 – කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)
