Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහණ විජේවීර ඇතුළු පිරිසකට යුක්තිය ඉල්ලා ජනපතිට ලිපියක්

2 years ago

1988 – 89 වකවානුවේ අත්අඩංගුවට ගෙන ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා පිළිබඳව සහ යුද සමයේ පැහැරගැනීම් සම්බන්ධයෙන් වහා යුක්තිය ඉටු කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් වියයුතු බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරනවා.

ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා පිළිබඳව සහ යුද සමයේ පැහැරගැනීම් සම්බන්ධයෙන් වහා යුක්තිය ඉටු කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් වියයුතු බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරනවා.

ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, අතීතියේ සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වහා යුක්තිය ඉටුවිය යුතු බවයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන ඉතිහාසයක් පසුකර ඇති මෙරට ජන සමාජයට එම සිදුවීම් ආශ්‍රිත සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමේ අවශ්‍යතාව මේ වනවිට මතුව ඇති බව, පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් පෙන්වා දෙනවා.

ලිපියේ දැක්වෙන්නේ, අතීතයේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සොයා බලා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සුදුසුම කාලය එළැඹ ඇති බවයි.

88 – 89 වකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ නායකයින් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර යුත්කිය ඉටු කිරීම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවරී ඇති වගකීමක් බව ද පෙන්වා දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බව අවධාරණය කරනවා.

එවැනි පූර්ණ විමර්ශනයක් සඳහා අවශ්‍ය සහය දීමට තම පක්ෂය සූදානම් බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන්.