ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ.
එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
එම රැස්වීමට සහභාගී වීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් කාදර් මස්තාන් මහතාගේ රැලිය අසලින් ගමන් කළ අවස්ථාවේදී ඔවුන් ගමන් කළ වාහනවලට පහරදීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබේ.
අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.
මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් හා කාදර් මස්තාන් මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.
