Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැටන් – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 years ago

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (12) පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් පොලිසිය පවසන්නේ, සිදුවු අනතුරින් වෑන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිනිගත්තේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයට ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරිමේදි වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ලංගම බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.