වැලිගම, පොල්අතු මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ සිටි දෙදෙනෙක් මිය ගොස් දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
අනතුරින් ලොරි රථය පැදවූ රියදුරු වන 34 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ 7 දෙනෙකු සිට ඇති අතර ඉන් අයෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.
