Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පහ මනාප ප්‍රතිඵල ප්‍රමාද වූ හේතුව

2 years ago

ගම්පහ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 224 ක් තිබු ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ලලින්ද ගමගේ පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙත් සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙත් මනාප ගණනය කිරීම් සිදු කළ අතර එහිදී එක් ශාලාවක එම නිලධාරියාට ඡන්ද ගණනය සංසදනය කිරීමට නොහැකිවීමක් සිදු වී ඇති බවයි.

ඒ අනුව එම ඡන්ද නැවත ගණනය කර දෙන ලෙස තමා එම නිලධාරින්ට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

මෙහි තිබුණේ මනාප ගණනය සංසදනය නොවු හෙයින් යළි මනාප ගණනය කිරීමේදී සිදු වු ප්‍රමාදයක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ලලින්ද ගමගේ වැඩිදුරටත් කියා සිටියා.