Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

2 years ago

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙන බවද ඔහු කීවේය.

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ලබන 18, 19 සහ 20 දිනවලදී සිදු කෙරේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කෙරෙනු ඇත.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතය.