Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගවිනිසුරු ධුරය මූර්දු ප්‍රනාන්දුට! ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියත් හිමි වෙයි!

2 years ago

අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීම සඳහා වන නිර්දේශයට, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ඉකුත් ඔක්තෝම්බර් (10) වැනිදා දිවුරුම් දුන්නා.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.

මැය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබෙනවා.