Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් නිරීක්ෂකයන්ගෙගෙන් පොලීසියට තුති

2 years ago

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ ඉතා සුළු සිදුවීම් කිහිපයක් හැරුනු කොට 2024 පාර්ලිමේන්තු මැතිවරණ කාලය තුල මෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ කිසිදු සැලකිය යුතු ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු නොවු බවයි.

මෙම සාමකාමී වාතාවරණය ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් සහගතව ක්‍රියා කළ ආකාරය ඊයේ (16) උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂකයින්ගේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ප්‍රශංසනීයව ඇගයීමට ලක් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ආරාධනයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති, ප්‍රජා පොලිස්, සංචාරක, ආයේජන හා මැතිවරණ නීතිඥ අසංග කරවිට මහතා මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.