Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ සිදු වූ මාරක රිය අනතුර

2 years ago

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේ දී අද (17) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නාරාහෙන්පිට සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැමිණි පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවද වාර්තා වනවා.

මියගොස් ඇත්තේ බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෝටර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෝටර් රථයේ දෙදෙනකු පැමිණ ඇති බවත් අනතුරින් පසු එක් අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවා පැන ගොස් ඇති බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධව බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.