පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන් ගොඩනගන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ, අද (18) කැබිනට් මණ්ඩල දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
”රටේ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය ජාත්‍යන්තරය තුළත් ජයග්‍රහණය කිරීම තමයි අපේ වගකීම. ලෝකය තුළත් ලංකාව ශක්තිමත් ගමනක් යනවා කියන පණිවිඩය ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් එහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
