Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

2 years ago

නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහායි.