Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රියක පාපුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙක් සංඥා කණුවක ගැටී මරුට

2 years ago

කිරිබත්ගොඩ පොලිස් වසමේ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රඝාමී දුම්රියක පාපුවරුවේ ගමන් කළ පුද්ගලයෙකු දුම්රිය මාර්ගය අයිනේ තිබූ සංඥා කණුවක ගැටී ඊයේ (18) මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 21ක් වූ දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.