Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 750ක් සමඟ රියදුරු අතුරුදන්! පොලීසිය මහජන සහය පතයි!

2 years ago

මුදල් කොල්ලකෑමක් සම්බන්ධව අව්‍යශ කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ රුපියල් කෝටි 7 1/2ක් සොරකම් කර එම රථයෙන්ම පළා ගොස් තිබේ.

එම වාහනය ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ (0718591608) හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ දිස්ත්‍රික් (I) (0718591610) යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.