පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන්, ත්‍රීරෝද රථය ධාවනය කළ පාසල් සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර ඊයේ (18) පස්වරු 5.00 ට පමණ ගිණිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිණිගත්හේන පුස්තකාලය අසලදී සිදුව ඇති බවයි ගිණිගත්හේන පොලීසිය සඳහන් කළේ.
ගිණිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසක් මෙලෙස තුවාල ලබා තිබෙනවා.
එම සිසුන් පිරිස පාසලේ පැවති උත්සවයකින් අනතුරුව ත්‍රීරෝද රථයෙන් නිවස කරා ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් ධාවනය වු වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරිමේදි ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහි පසුපස අසුනේ ගමන් ගත් තිදෙනා ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇති අතර ඔවුන් බේරාගැනිමට ලංගම බස් රථයේ රියදුරා බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කර තිබෙනවා.
අනතුරුව බස් රථය අසළ තිබූ ගොඩනැගිල්ලක ගැටී ඇති අතර අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ.
ත්‍රිරෝද රථය ධාවනය කළ පාසල් සිසුවාට රියදුරු බලපත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණද, එය මේ වන තෙක් පොලීසිය වෙත ඉදිරිපත් කර නැහැ.
පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ගිණිගත්හේන පොලිසිය විසින් ක්‍රියාත්මකයි.
