Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුහුණු විශ්වවිද්‍යාලයේ වර්ජනය දෙවන දිනටත්

2 years ago

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ඊයේ (19) ආරම්භ කළ වැඩ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ධූරයෙන් ඉවත් වනතෙක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මත කරන බවයි එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ.

එම විශ්වවිද්‍යාලය වසර ගණනාවක සිට දිනෙන් දිනම පරිහානියට පත් කිරීමේ වගකීම භාරගෙන උපකුලපතිවරයා වහා තනතුරෙන් ඉවත් විය යුතු බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ (19) පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග සාකච්ඡාවක් ද පැවති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධම්මික එස්.ප්‍රියන්ත මහතා කියා සිටියේ අදාළ සාකච්ඡාව සාර්ථක බවයි.

කෙසේ වෙතත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ධූරයෙන් ඉවත් වනතෙක් මෙම වැඩ වර්ජනය නතර නොකරන බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.