Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසක් මතට පස්‌ කන්දක් කඩා වැටෙයි! පාසල් සිසුවෙක් නිදි යහනේදීම මියයයි!

2 years ago

මැදමහනුවර – වතුලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි වතුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.

ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ අද (20) අළුයම මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ සිසුවා නිදාගෙන සිට ඇති අතර ඔහු පස් සහ නිවසේ බිත්ති අතරට සිරවී ඇති බවයි තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා මියගොස් තිබෙනවා.