යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන් ගෙන තිබුණා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් ආසනය විපක්ෂනායකවරයා වෙත වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම්වත් කරමින් අසුනෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් සිදු කිරීමට පියවර ගෙන තිබුණා.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අර්ච්චුන රාමනාදන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් ගැනීමේදී පිළිවෙලක් සකසා නොතිබූ බවයි.
පසුව විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුන ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා “අපි පාර්ලිමේන්තු සම්ප්රදාය වෙනස් කළා” යන බව පවසමින් සිය අසුනෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා.
