රුපියල් කෝටි 500 කට අධික හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයන් 06 දෙනකුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙලි වූ තොරතුරු මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව දියත් කල මෙම සාර්ථක වැටලීම පොලිස් ඉතිහාසයේ සාමාන්‍ය පොලිස් ඒකකයක් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වන බව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරීම සදහා වැඩබලන පොලිස්පති ලලිත් පතිනායක මහතා අද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.
මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා වැටලීම සිදු කල පොලිස් නිලධාරීන් ප්‍රශංසාවට ද ලක් කළේය.
