නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.
වැල්ලවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙක් විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින් පැවරු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අසනීප තත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥයා දැන් වූ නමුත් ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා වරෙන්තුව නිකුත් කිරිමට අතිරේක මහේස්ත්‍රාත් වරයා කටයුතු කර තිබෙනවා.
2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ව්‍යාපාරිකයා ට පවරා තිබෙනවා.
චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරුවන දේවානන්දට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බවයි.
මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේදී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවද පෙන්වා දුන්නා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළා.
