Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොහාන්ගේ බිරිඳ යළිත් රිමාන්ඩ්

2 years ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිද වන ශෂි ප්‍රභා රත්වත්තේ, එළැඹෙන දෙසැම්බර් දවන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

පසුගිය දොළොස්වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලොහාන් රත්වත්තේ මහතාව ද දෙසැම්බර් දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

ඔවුන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන්නේ නීති විරෝධීව ගෙන්වා එකලස් කරන ලද, ලියාපදිංචියෙන් තොර, සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි.

අදාල මෝටර් රථය, ලොහාන් රත්වත්තේගේ බිරිද ශෂී ප්‍රභා රත්වත්තේ යන අයට අයත් මිරිහානේ පිහිටි නිවසක තිබී සොයා ගනු ලැබී ය.

එම රථය බොහෝ කාලයක සිට ලොහාන් රත්වත්තේ සහ ශෂී ප්‍රභා රත්වත්තේ යන විසින් භාවිතා කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරුකරගෙන තිබේ.