අද (22) උදෑසන බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නකින් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි.
බත්තරමුල්ල දෙස සිට කොස්වත්ත දෙසට ධාවනය වූ මෙම මෝටර් රථයේ ඉදිරිපසින් කිසියම් දුමක් පිටව ඇති අතර පසුව එය ගින්නක් දක්වා වර්ධනය වී තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවට සඳහන් වනවා.
පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වී ඇති අතර, අනතුරුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට පැමිණ එම ගින්න නිවා දමා තිබෙනවා.
