Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

2 years ago

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන්  අවසන් වන බව සඳහන් කර තිබේ. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය. 

ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකි අතර ඒ සඳහා සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීම ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කළ හැකි බව සඳහන්.

එරට රජයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් “The Times Kuwait” පුවත්පත වාර්තා කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රජය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.