Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසක උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට

2 years ago

නිවසක උඩු මහලින් ඇද වැටුණු අයෙක් අද (22) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලංගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට වැටුණු පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර හේතුවෙන මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු උඩු මහලින් ඇදවැටුණු ආකාරය සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නැති බවයි පැවසෙන්නේ.

බලංගොඩ හදිසි මරණ පරික්ෂක ශාන්ත ජයසේකර විසින් හදිසි මරණ පරික්ෂණය සිදුකර තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.