Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිසකෙස් වර්ණ ගන්වන ආලේපන භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

2 years ago

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ආලේපන තොගය සහ ව්‍යාපාරිකයින් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

වෙළෙඳපොලේ භාණ්ඩ පිළිබඳ ගැටලුවක් ඇත්නම් 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන්නැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.