අද (23) අළුයම කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුල්ගමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ සිට කොබෙයිගනේ ප්‍රදේශයේ පිහිටි නිවසට සුඛෝපබෝගී ජීප් රථයකින් යමින් සිටියදී අද අලුයම 1ට පමණ මෙම අනතුර සිදු වූ බවයි කුලියාපිටිය පොලිසිය පවසන්නේ.
පොලිසිය එම ස්ථානයට යනවිටත් ඔයට වැටී තිබූ ජීප් රිය එහි ගමන්ගත් දෙදෙනාද සමගින් ඔය මධ්‍යයේ ජලයේ ගිලී තිබී ඇති අතර, මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 7ට පමණ ප්‍රදේශ්වාසීන්ගේ සහයද ඇතිව එම රථය ගොඩට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී ඇත.
මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදුකරනු ලැබූ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත.
මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
