Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වඳුරව නිධන් ගල කුඩු කිරීම ඇරඹෙයි

2 years ago

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ වුණා.

මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තද  තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි වුණා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරුණා.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා, භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනුණා.

අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් දිගින් දිගටම මෙහි කටයුතු නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.