Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සරසවි සිසුවෙක් මරුට

2 years ago

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. 

ඔහු යාපනය හිංදු විද්‍යාලයේ ගණින අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙකි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්විය.

ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

ඒ අනුව මෙම අනතුරෙන් තිදෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී ඇත.