රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට ඉවත් කිරීමට පියවර නොගතහොත් වන විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පවසනවා.
විශ්වවිද්‍යාලය තුළ පාලන කටයුතු නිසි ලෙස සිදුකිරීමට උපකුලපතිවරයා අසමත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය පසුගිය 19 වනදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතාව එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින්.
