Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු මැකෝට අකරතැබ්බයක්

2 years ago

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද නිවසේ භාණ්ඩ සොරකම් කර ඇති බවට අම්බලන්ගොඩ පොලිසියට ඒ මහතා පැමිණිලි කර තිබෙනවා.

මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ නිවසේ තිබු රූපවාහිනි යන්ත්‍රය,  ගෑස් සිලින්ඩර දෙකක් සහ වටිනා අත්ඔරලෝසු දෙකක් ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවයි.

ඒ මහතා පසුගිය සිකුරාදා දින නිවසින් බැහැරට ගොස් ඇති අතර ඊයේ (23) සිය නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ දොර කවුරුන් විසින් හෝ කඩා ඇති බව දැක තිබෙනවා.

ඒ අනුවයි ඒ මහතා අම්බලන්ගොඩ පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ.

සොරකම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය හා ඇගිලි සලකුණු අංශය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.