ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවත් රංජන් ජයලාල් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.
ඔහු එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පෙන්වමින් පසුගිය අමාත්‍යවරයා හා පාලනාධිකාරිය විසින් වසර දෙකක සිට සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමට කටයුතු නොකළ බවයි.
