අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටීමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්රදේශයේදිය.
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්රියාත්මක කිරිමේදී පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටීමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්රධාන මාගර්ය සහ අතුරු මාගර් ලිස්සන සුළු බැවින් එම මාගර් වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත්, වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.



