Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුජීවගේ සැප රිය නිදහස් කරන්න උසාවි නියෝගයක්! මිලියන 100ක බැඳුම්කරයක්!

2 years ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළේ  රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත  අදාල රථය නිදහස් කරන ලෙසයි.

එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම, අන්සතු කිරීම තහනම් කරමින්, දැනුම් දෙන අවස්ථා වලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කර තිබෙනවා.

මෙම වාහනය එකලස් කරපු වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර එයවාහනය රේගුවෙන් පැන්නූ වාහනයක් නොවන බව සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධීකරණය හමුවේ කියා සිටියා.

ඔවුන් තවදුරටත් අධිකරණයට පවසා ඇත්තේ එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ වාහනයක් නොවන  අතර රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව අදාළ වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව, මෙම ප්‍රශ්නගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්දයෙන් මෙතෙක්  සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ අතර අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ හට මුදාහරින ලෙස සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මහත අදාළ V8 රථය නිදහස් කරන ලෙස  නියෝග කර තිබෙනවා.