නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා.
ඊට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (25) ලබා දුන් බවයි, එම මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය පත් කර ඇති බව සඳහන්.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කර ඇත්තෙ, මලර්මතී ගංගාධරන් මහත්මියයි.
