Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මට විවිධ තර්ජන තියෙනවා! පාර්ලිමේන්තු පැමිණි පළමු දිනයේදීම මහත් ආන්දෝලනයක් ඇති කළ අර්චුනා ආරක්ෂාව ඉල්ලයි!

2 years ago

තමාට පෞද්ගලිකව ආරක්ෂාවක් අවශ්‍ය බව යාපනය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසා තිබෙනවා.

මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇති වූ තත්ත්වය මත විවිධ තර්ජන එල්ලවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඒ, හේතුවෙන් තමන්ට පෞද්ගලික ආරක්ෂාවක් අවශ්‍ය බව ඔහු පවසා තිබෙනවා.

10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන්, විපක්ෂ නායකවරයාට වෙන් කර තිබු සාම්ප්‍රදායික අසුනේ අසුන්ගෙන තිබු අතර ඔහුව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළද මන්ත්‍රීවරයා ඉන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එමෙන්ම මෙම මන්ත්‍රීවරයා වාර්ගික ප්‍රකාශ කළ බවටද විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.

අද (25) නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති වැඩමුළුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසා ඇත්තේ මෙම සිදුවීම් හේතුවෙන් තමන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි.