Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේටයේ සිරගතව සිටි ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු මෙරටට පිටුවහල් කරයි

2 years ago

කුවේට් හි මධ්‍යම බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනා වලට සිර ගතව සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනාගෙන් 32 දෙනෙකු කුවේට් ගුවන් හමුදාව සතු යානයකින් ඊයේ(25) දිවයිනට පැමිණියා.

ඒ, කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර, 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේයි.

මොවුන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝන‌යේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් හා ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඊයේ දිවයිනට පැමිණි මෙම පිරිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය බව සඳහන්.