Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

2 years ago

අධික වර්ෂාව හේතුවෙන් කොටුව ඇතුළු කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

මේ අතර දැදුරු ඔය නිම්නයේ පහත් බිම්වල ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවලටයි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

එමෙන්ම දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.