බලංගොඩ කල්තොට දියවින්න ග්‍රාම සේවා වසමෙි කටුපත්ඔය ප්‍රදේශයේ ඇති ලඳු කැලෑවක තිබී වෙඩි වැදී මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් අද (26) දා හමුවූ බව පොලිසිය සහ වන ජීවි කාර්යාලය පවසනවා.
අවුරුදු අටක් පමණ වයසැති අඩි පහක් පමණ උසැති එම ඇත්පැටවාට ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට තහවුරු වෙන බවයි එම නිලධාරීන් පවසන්නේ.
ආහාර සොයා පැමිණ ඇත් පැටවෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් තිබෙන බව එම නිලධාරීන් සඳහන් කළා.
උඩවලව ඇත්අතුරැ සෙවනේ පශු වෛද්‍ය නිළධාරීන් පැමිණ සිරුර පරික්ෂා කිරීමට නියමිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කල්තොට පොලිසිය සහ වන ජීවි නිළධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
