Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා මන්ත්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි

2 years ago

ජාතික ජන බලවේගයේ මහලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් සිදුවී තිබේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථයේ නොසිටි බව පොලීසිය පවසයි.

නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී මෝටර් රථය ජල පොකුණට වැටී ඇත.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් සිදුවී නැති අතර මෝටර් රථයට සුළු හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.