අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මේ මොහොතේ ආපදා තත්ත්වය පිළිබඳව දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදීයි.
ඊයේ සවස නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම ට්‍රැක්ටරයේ ළමුන් 11 දෙනෙක්, රියදුරා සහ තවත් අයෙක් ගමන්කරමින් සිට ඇති අතර ජලයට වැටුණු ළමයි 5 දෙනෙක් අසල සිටි පිරිස් විසින් බේරාගෙන ඇත.
එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
