Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ – යාපනය මාර්ගයේ ගමනාගමනයට බාධා! රියදුරන්ට දැනුම්දීමක්!

2 years ago

යාපනය – කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම, තිරම්බි අඩිය – දෙකේ කණුව ප්‍රදේශයෙන් අවහිරවී තිබෙනවා.

ඒ, අද (27) උදෑසන මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්.

ඒ හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා ඇතිවී ඇති බව සඳහන්. අදාළ ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි, පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත්‌තේ.

කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කිරීමට හැකියි.