නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේ ගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පසුගිය අගහරුවාදා (27) දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලීසිය විසින් උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පස්බාගේ කොරළේ ප්රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපදා කලමණාකරණ ඒකකයේ උපදෙස් මත ආපදාවට ලක් වී ඇති පිරිසට එම උපදෙස් ලබා දී ඇත.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය පෙරේදා (27) වන දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගෙන තිබුණි.
ඒ සමඟ ඒ ආසන්නයේ පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව ඇත.
එම නිවාසවල රැඳී සිටි ජනතාව මේ වන විට ඥාති නිවාසවල රැඳී සිටින බව සඳහන්.
මේ අතර, නාවලපිටිය දොළොස්බාගේ සිට ගම්පොල දක්වා වු අතුරු මාර්ගයද ගිලා බැසිමට ලක් වී ඇති නිසා රථ වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන ඇති අතර එම මාර්ගය ප්රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.



