වට්ස් ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, හැකර්කරුවන් වට්ස් ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ වට්ස් ගිණුම් ඇප් හැක් කරන බවත් හැක් කරන වට්ස් ඇප් ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස හැකර්කරුවන් පණිවුඩ යවන බවයි.
මේ පිළිබඳ කෙතරම් දැනුවත් කළත් තවමත් එම වංචාවලට හසුවන ශ්‍රී ලාංකිකයන් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
ආගමික වැඩසටහනක් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගී වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් සූම් රැස්වීමකට සහභාගී කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවත් නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට වට්ස් ඇප් ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් චාරුක දමුණුපොළ මහතා පවසනවා.
ඉල්ලා සිටින කේතය ලබා දුන්හොත් සිය වට්ස් ඇප් ගිණුමේ පාලනය හැකර්කරුවන්ට ලැබෙන බවයි චාරුක දමුණුපොළ මහතා පවසන්නේ.
පාලනය ලබා ගැනීමෙන් පසුව එම වට්ස් ඇප් ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකර්කරුවන් පණිවුඩ යවන බවද ඔහු කියා සිටියා.
එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වට්ස් ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බවත් දමුණුපොළ මහතා ප්‍රකාශ කළා.
ඔහු පෙන්වාදෙන්නේ, වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවයි.
ජනතාව මේ පිළිබඳ දැනුවත් වීමෙන් මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව තිබෙන බවද චාරුක දමුණුපොළ මහතා වැඩිදුරටත් පවසනවා.
