Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

2 years ago

විදුලි ගාස්තු සංශෝධනය සම්බධයෙන් වන යෝජනාව දෙසැම්බර් 06 වනද‍ා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. ඒ.ඩී.කේ පරාක්‍රමසිංහ ප්‍රකාශ කළේ එම වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

පැවති ක්‍රමවේදයට අනුකූලව 6% සිට 11% දක්වා පරාසයක් තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් 2025 පළමු මාස හය සඳහා ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන ලෙස ලංවිමට උපදෙස් දී තිබෙනවා.

ඒ අනූවයි නැවත ලබන (06) දා විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය භාරදීමට කටයුතු කරන්නේ.