Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැති ඇමති සහ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට පත්කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

2 years ago

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ, එම කමිටුවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින්.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටි බව සඳහන්.

කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ සංයුතිය,

  • කේ.ටී.චිත්‍රසිරි මහතා – (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
  • ඩී.දිසානායක මහතා – විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
  • ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය – විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති