කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) දින ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දුන්නා.
